• මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI
  • ආපදා කළමනාකරණ
  • පැණ විසඳුම්
  • RTI

contactBD 

  • தமிழ்
  • English
Increase size
Reset to Default
Decrease size
  • මුල් පිටුව
  • අපි ගැන
    • හැඳින්වීම
    • සංවිධාන සටහන
    • කාර්ය මණ්ඩලය
    • කාර්යයය මණ්ඩල විස්තර
  • පරිපාලන ව්‍යුහය
    • ග්‍රාම නිලධාරී කොට්ඨාශ
    • පළාත් පාලන ආයතන
    • මැතිවරණ කොට්ඨාශ
    • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  • ව්යුහය සහ සේවා
  • ගැලරිය
  • පුහුණු
  • බාගත කිරීම්
    • සංඛ්‍යාලේඛණ අත්පොත
    • මිල නියම කිරීමේ කමිටු වාර්තාව
    • Young Entrepreneurs
  • ඊ-සේවා
  • අමතන්න
    • අපව අමතන්න
    • විමසීම් විස්තර
  • ස්ථාන මාරු
  • ප්‍රසම්පාදනය
    • සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2026
  • භාණ්ඩ වෙන්දේසි
  • විශේෂ දැන්වීම්
    • Special Notices
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • ව්යුහය සහ සේවා
  • Information
  • දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලය

දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලය

පළකරන ලද්දේ: ජූලි 18 2022
ජූලි 18 2022
7347views
   දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලය

   දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලය

දැක්ම


"ප්‍රමිතිගතව සහ තාක්ෂණිකව මෙහෙයවන ක්‍රියාලියකින් මෝටර් රථ නියාමනය හා පාලනය කරන ප්‍රතිචාරාත්මක සංවිධානයක් තුළින් විශිෂ්ඨත්වය."

මෙහෙවර


"සාමූහික ප්‍රයත්නය හා නව තාක්ෂණය කාර්යක්ෂමව යොදා ගනිමින් මෝටර් වාහන පනත හා අනෙකුත් නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තුළින් ප්‍රතිචාරාත්මක සංවිධානයක් නිර්මාණය කිරීම.


රාජකාරි ලැයිස්තුව

පැවරී ඇති රාජකාරි

# විෂය නිලධාරියා පැවරී ඇති රාජකාරි
01
 02

03

04
05

Last Updated Date : 2022-06-20


   අපව අමතන්න

දුරකථන  : 055-2231604

ෆැක්ස් :           :

විද්‍යුත් තැපෑල :        :  

   Head of the Department/Section

CAcc

සී.කේ.ඒ.වීරවර්ණ මහතා

මෝටර් රථ වාහන පරීක්ෂකr

071-4031531

055-2231604

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   අපගේ සේවාවන්

   අපගේ සේවාවන්

 

මෝටර් රථ ලියාපදිංචි කිරීම

මෝටර් රථ ලියාපදිංචි කිරීම

 ඉදිරිපත් කළයුතු ලියකියවිළි

  • MTA – 2 අයදුම්පත
  • වාහනය අයිතිකරුගේ අඟල් 2.0 X 2.5 ප්‍රමානයේ ඡායාරුප දෙකක් (අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි හෝ ආනයනකරු පසුපිටේ සහතික කළ යුතුය)
  • වාහන අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතේ හෝ රියදුරු බලපත්‍රයේ හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ හෝ ඡායා පිටපතක්
  • රේගු සටහන්කරය (Custom 53)
  • රේගු බදු ගෙවිම් කල බදු රිසිට් පත් වල මුල් පිටපත් (Assessment Notice)
  • අලුත්ම වාහනයක් නම් අදාළ ඉන් වොයිසිය.
  • පාවිචිචි කළ වාහනයක් නම් විදේශ ලියාපදිංචි සහතිකය(ඉංග්‍රිසි පරිවර්තනය සමග) 
  • ආනයන බලපත්‍රයක් සහිතව අනයනය කර ඇත්නම් එම බල පත්‍රය.
  • පරම අයිතිය ලියාපදිංචි කිරීම සඳහා නම් අදාල MTA- 3
  • උගස් සහිතව ලියාපදිංචි කිරීම සහා නම් උගස් ඔප්පුවේ පිටපතක්.
  • රේගු ත්‍රිවිධ හමුදා හො උසාවි වෙන්දේසි වලින් ලබාගත් වහනයක් නම් අදාළ බලධාරින්ගෙන් ලබා ගත් ලිපිය හා රිසිට් පත.
  • ආනයනික පවිචිචි කළ යතුරුපැදියක් නම් රේගුලියවිලි වලට අමතරව එන්ඡින් අංකය හා චැසි අංකය මෝටර් රථ පරීක්ෂකවරයෙකු සහතික කළ යුතුය.
  • මෝටර් රථ ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත්‍රය (දැනටමත් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර නොමැත)
නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම

නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම

 සැහැල්ලු වාහන සඳහා 

  • MTA 30/2 (OFFLINE)අයදුම්පත සහ DMT/30 අයදුම්පත.
  • උප්පැන්න සහතිකය සමග එහි පැහැදිලි පිටපතක් .
  • ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය සමග ඒවාගේ පැහැදිලි පිටපත.
  • තිබෙන රියදුරු බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීම සමග වලංගු සීමාව දීර්ඝ කිරීමට නම් රියදුරු බලපත්‍රය සමග එහි පැහැදිලි පිටපත.
  • උප්පැන්න සහතිකයේ නම් සහ ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බලපත්‍රයේ නම් අතර වෙනසක් පවතී නම්, විධිමත්ව සකස් කළ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.
  • කළු සහ සුදු ඡායාරූප පහක් (සෙ.මී. 3.5* 4.5 සෙ.මී. ප්‍රමාණය) සුදු පසුබිමක අඳුරු මුදුනකින්. (ඔබ ඇස් කණ්ණාඩි පළඳින්නේ නම්, ඡායාරූප ගැනීමේදී ඒවා භාවිත කිරීමෙන් වළකින්න.)
  • සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම් කිරීම සහ ලිඛිත විභාගයට පෙනී සිටීම වයස අවුරුදු 17 දී සිදු කළ හැකි අතර වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටිය හැකිය. 

බර වාහන සඳහා

  • බර වාහන සඳහා අයදුම් කිරීමේදී මෝටර් බයිසිකල් සහ සැහැල්ලු ගොඩබිම් වාහන හැර වෙනත් වාහන පැදවී වසර දෙකකට පසුව සහ රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු අයදුම් කළ හැකිය. “A හෝ B” ශ්‍රේණියේ රියදුරු පාසලකින් ලබාගත් ප්‍රවීණතා සහතිකය බර විභාගය සමත් වී මාස තුනක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබාගත් වෛද්‍ය සහතිකය
  • බර වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ලිඛිත විභාගයට පෙනී සිටීමට වයස අවුරුදු 20 දී හැකි අතර වයස අවුරුදු 21 සම්පූර්ණ වූ පසු ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටිය හැකිය
  • රියදුරු බලපත්‍රය සඳහා ඉල්ලුම් පත්‍රය
රියදුරු බලපත්‍රය අළුත් කිරීම රියදුරු බලපත්‍රයේ අනුපිටපතක් ලබා ගැනීම සහ පැරණි රියදුරු බලපත්‍රය වෙනුවට නව ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම.

රියදුරු බලපත්‍රය අළුත් කිරීම රියදුරු බලපත්‍රයේ අනුපිටපතක් ලබා ගැනීම සහ පැරණි රියදුරු බලපත්‍රය වෙනුවට නව ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම.

  • ජාතික හැඳුනුම්පත/වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ පැහැදිලි ඡායා පිටපත.
  • උප්පැන්න සහතික සහ එහි පැහැදිලි පිටපත.
  • රියදුරු බලපත්‍රය සහ ඡායා පිටපත
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබාගත් වෛද්‍ය සහතිකය
  • පිස්පෝට් ප්‍රමාණයේ කළුසුදු ඡායාරූප 04ක් (ඔබ ඇස් කණ්ණාඩි පළඳින්නේ නම්, ඡායාරූපයේ ඒවා වළක්වා ගන්න)
  • මෙම ලේඛන සියල්ල ඔබ ළඟ තිබේ නම් පමණක්, පෝලිමට සම්බන්ධ වී MTA 30/2 (නොබැඳි) අයදුම්පත ලබා ගන්න.
  • පැරණි බලපත්‍රය අලුත් කිරීම සඳහා වන අයදුම්පත

රියදුරු බලපත්‍රය අස්ථාන ගත වී ඇත්නම්..........

  • ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය.
  • පොලිස් වාර්තාව සහ එය ගබා ලැනීමට මුදල් ගෙවු සහ පැහැති රිසිට් පත රැගෙන ආ යුතුය.
  • රියදුරු බලපත්‍රය සඳහා තොරතුරු ලබා ගැනීම සඳහා කාර්යාලයට පැමිණ අදාළ පෝරමය පුරවා භාර දෙන්න.

රියදුරු බලපත්‍රය අපහැදිලි නම්..........

  • රියදුරු බලපත්‍රය සඳහා තොරතුරු ලබා ගැනීම සඳහා කාර්යාලයට පැමිණ අදාළ පෝරමය පුරවා භාර දෙන්න.

රියදුරු බලපත්‍රයේ..........

  • නමේ වෙනසක් සිදුවේ නම් දිවුරුම් ප්‍රකාශයක් ද,
  • ලිපිනයේ වෙනසක් සිදුවේ නම්, ග්‍රාම නිලධාරී සහතිකය ද ඉදිරිපත් කළ යුතුය.

අයකරන ගාස්තු..........

  • රියදුරු බලපත්‍රය අලුත් කිරීම (වලංගු කාලය දීර්ඝ කිරීම)                              = Rs.1700.00
  • අලුත් කිරීමේ කල් ඉකුත් වූ දිනට පසු වසරක් හෝ ඊට අඩු ප්‍රමාදයක් සඳහා දඩ මුදල = Rs.  250.00
  • සංශෝධන ගාස්තු                                                                             = Rs.  300.00
  • පැරණි රියදුරු බලපත්‍රය වෙනුවට ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රය ලබා ගැනීමට     = Rs.1700.00
සාමාන්‍ය පරිදි වාහන පැවැරීම

සාමාන්‍ය පරිදි වාහන පැවැරීම

  සාමාන්‍ය පරිදි වාහන පැවැරීමට අවශ්‍ය ලිපි ලේඛන
  1. MTA 6 අයදුම්පත හා (B කොටස ) හා mta 8 අයදුම්පත (C කොටස) පුරවා තිබිය යුතුය.
  2. වාහනයේ ලියාපදිංචි සහතිකය.
  3. වලංගු ආදායම් බලපත්‍රය සහ පිටපත
  4. ජාතික හැඳුනුම්පත/රියදුරු බලපත්‍රය/විදේශ ගමන් බලපත්‍රයේ පිටපත්.(නව හිමිකරුගේ සහ පැරණි හිමිකරුගේ)
  5. ඡායාරූප 02 (ග්‍රාම නිලධාරී හෝ සාමදාන විනිසුරු විසින් සහතික කර තිබිය යුතුයග) .)
  6. පරම අයිතිය ඉවත් වන්නේ නම්, එයට අදාළ ලිපිය
  7. නව අයිතිකරුගේ ලිපිනය ජා.හැ./රියදුරු බලපත්‍ර/තිබෙන ලිපිනයට වෙනස්නම් එම ලිපිනයේ පදිංචි බවට ග්‍රාමන්ලධාරිගෙන් ලබාගත් ලිපිය
  • වාහන මාරු කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය
රජය විසින් ලබාදුන් යතුරුපැදි පැවැරීම

රජය විසින් ලබාදුන් යතුරුපැදි පැවැරීම

  රජය විසින් ලබාදුන් යතුරුපැදි පැවැරීමට අවශ්‍ය ලිපි ලේඛන
  1. CMT 72(Download CMT 72)
  2. ඉල්ලීම් ලිපිය
  3. සේවා ලිපිය
  4. මුදල් ගෙවු (රු.50000/45000) රිසිට් පතේ සහතික කළ පිටපත
  5. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  6. වලංගු ආදායම් බලපත්‍රයේ පිටපක්
  7. වාහනයේ ලියාපදිංචි සහතිකය(CR)
අංක තහඩු ලබා ගැනීම

අංක තහඩු ලබා ගැනීම

අංක තහඩු ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි

  • වාහනයේ ලියාපදිංචි හිමිකරුට වාහන ලියාපදිංචි සහතිකය (CR) සහ එහි ඡායා පිටපත සමඟ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් අංක තහඩු ලබා ගත හැකිය.
  • වාහනයේ හිමිකරුට පැමිණීමට නොහැකි නම් ග්‍රාම නිලධාරී සහතිකය සහිත අංක තහඩු ලැබීමේ මනාපය ඇතුළත් ලිපියක් ඉදිරිපත් කළ යුතුය..
  • පරම අයිතිය හෝ උකස ලියාපදිංචි කර ඇත්නම්, එම ආයතනය විසින් නිකුත් කරන ලද වාහන ලියාපදිංචි සහතිකයේ (CR) සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
  • පළාත් මාරු කිරීමේදී වාහන මාරු කිරීමෙන් පසු නව අංක තහඩු ලබා ගැනීම සඳහා පැරණි අංක තහඩු යුගලය සහ ස්ටිකරය ඉදිරිපත් කළ යුතුය.
  • පරණ අංක තහඩු හෝ ස්ටිකර් අස්ථානගත වී ඇත්නම් එම අස්ථානගතවීම සම්බන්ධ පොලිස් පැමිණිල්ලේ පිටපතක් සහ පොලිස් පැමිණිල්ලේ ගෙවීම් කුවිතාන්සියක් ඉදිරිපත් කළ යුතුය.
  • අංක තහඩු ලැබුණු පසු අංක තහඩුවේ පිටුපස පැත්තේ අලවා ඇති ස්ටිකරය ඉවත් කර වින්ඩ්ස්ක්‍රීන් එකේ වම් පස ඉහළ කෙළවරේ සවි කළ යුතුය.
අංක තහඩු හෝ ස්ටිකර් අස්ථානගත වූ විට හෝ පලුදු වූ විට ලබා ගැනීම

අංක තහඩු හෝ ස්ටිකර් අස්ථානගත වූ විට හෝ පලුදු වූ විට ලබා ගැනීම

අංක තහඩු හෝ ස්ටිකර් අස්ථානගත වූ විට හෝ පලුදු වූ විට එය ලබා ගැනීම සඳහා අවශ්යට ලිපිලේඛන

  • CMT 65 අයදුම් පත්‍රය
  • CMT 65
  • ලියාපදිංචි සහතිකයේ පිටපතක් (අවසන් අයිතියක්/උකසක් ලියාපදිංචි කර ඇත්නම්, අදාළ ආයතනයෙන් ලියාපදිංචි සහතිකයේ සහතික කළ පිටපතක් සහ අංක තහඩු නිකුත් කිරීම සඳහා විරෝධතා නොමැති ලිපියක්)
  • අංක තහඩුව/ ආදායම් බලපත්‍රය නැතිවීම සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලේ පිටපතක්
  • ආදායම් බලපත්‍රයේ පිටපතක්
  • ජාතික හැඳුනුම්පත/රියදුරු බලපත්‍රය/ ගමන් බලපත්‍රය
බර සහතික ලබා ගන්නට පැමිණෙන අයගේ දැන .ගැනීම සඳහා

බර සහතික ලබා ගන්නට පැමිණෙන අයගේ දැන .ගැනීම සඳහා

  • ලියාපදිංචි සහතිකයේ සිලින්ඩර ධාරිතාවය සටහන් වී නොමැති වීම.
  • වාහනයේ බඳ වෙනස් කර ඇත (පසුපස කොටස ලියාපදිංචි කිරීම).
  • වාහන වල බඳ වෙනස් කිරීම (පිටුපස කූඩුව ලියාපදිංචි කිරීම
  • ලියාපදිංචි සහතිකයේ අස්ථානගතවීමක් හේතුවෙන් දෙපාර්තමේන්තුවේ ප්රධානියා විසින් ලිපියක් නිකුත් කරන ලදී, බර සහතිකයක් අවශ්ය වේ.
  • බර සහතිකය සඳහා රජයේ ගාස්තු රු.500/= කි.
  • බර සහතිකය ලබා ගැනීම සඳහා රැගෙන එන වාහන ඉදිකිරීම් ඇණවුම්වලට අනුකූලව හොඳ ධාවන තත්ත්වයන් තිබිය යුතුය.
  • චැසි අංකය සහ එන්ජින් අංකය සහිත ප්රදේශය පිරිසිදු කර පැහැදිලිව දැකගත යුතුය.
  • මෝටර් රථයක බර පිළිබඳ සහතිකයක් සඳහා අයදුම්පත

වාහන බර කිරීමේ පහසුකම සහිත ස්ථාන සහ සම්බන්ධතා තොරතුරු

  1. දියතලාව 0572229086/229229/077806986
  2. බුත්තල 0552270252
  3. මහියංගනය 0552274743
  4. පැල්වත්ත සීනි සහයෝගිතාව 0776077824/0772029999/0552271077
භාගත කිරීම්

භාගත කිරීම්

  • MTA 2-මෝටර් වාහන ලියාපදිංචිය සඳහා වන ඉල්ලුම් පත්‍රය (දැනටමත් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී නොමැත)
  • MTA 3 - මෝටර් රථයකට අදාළ කුලී-මිලදී ගැනීමේ ගිවිසුමේ ප්‍රකාශය
  • MTA 5 - මියගිය හිමිකරුගේ දැන්වීම
  • MTA 7 - ලියාපදිංචි හිමිකරුගේ මරණය හේතුවෙන් මෝටර් රථ ලියාපදිංචි කිරීම සඳහා වන අයදුම්පත
  • MTA 7 - CMT 11 - මෝටර් රථයක් සඳහා ආදායම් බලපත්‍රයක් සඳහා ඉල්ලුම්පත්‍රය - 30 (1) වගන්තිය
  • රියදුරු බලපත්‍රය සඳහා ඉල්ලුම් පත්‍රය
  • පැරණි බලපත්‍රය අලුත් කිරීම සඳහා වන අයදුම්පත
  • වාහන මාරු කිරීම සඳහා ඉල්ලුම් පත්රය
  • CMT 72 - බලපත්‍ර අධිකාරිය වෙනස් කිරීම/ලියාපදිංච් සහතිකයේ අනෙකුත් විස්තර වෙනස් කිරීම
  • CMT 65 - ලියාපදිංචි කිරීමේ අනුපිටපත් සහතිකයක් සඳහා වන අයදුම්පත
  • CMT 130 - මෝටර් රථයක බර පිළිබඳ සහතිකයක් සඳහා වන අයදුම්පත
FaLang translation system by Faboba
කතුහිමිකම © 2026 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල. සියළු හිමිකම් ඇවිරිනි.

අවසන් යාවත්කාලීනය: 18 August 2026.