Dunhida Falls
Badulla
Adisham Bungalow
Haputhale
Bogoda Bridge
Haliela
Nine Arch Bridge
Ella

අපගේ දැක්ම

"පුරවැසි සංතෘප්තිය තුළින් තිරසාර සංවර්ධනය කරා ප්‍රාදේශීය ප‍රිපාලනය මෙහෙයවීමේ නියමුවා"

 

අපගේ මෙහෙවර

"දිස්ත්‍රික්කය හා එහි ජනතාව ජාතික සංවර්ධනයට දායක වන ‍පරිදි තිරසාර සංවර්ධනයක් උදෙසා රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකුළ වූ මනා සැලැස්මකින් යුතුව, සම්පත් හා ආයතන ඵලදායී ලෙස මෙහෙයවන්නා වූ මනා සම්බන්ධීකරණයක් තුළින් ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව සාධාරණව යුක්තිගරුකව හා මිත්‍රශීලීව ඉටු කිරීමයි"

ප්‍රධාන කාර්යයන්

- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ වූ අනුබද්ධ ආයතන සමඟ මනා සම්බන්ධීකරණයක් ඇතිව කටයුතු කිරීම.

- රජයේ සියලු අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා වෙනත් ආයතන සමඟ සම්බන්ධීකරණය පවත්වාගෙන යමින් පැවරෙන කටයුතු ඉටු කිරීම.

- රජය හා පළාත් සභාව විසින් පවරා ඇති කටයුතු වෙනුවෙන් ආදායම් එකතු කිරීම.       

- දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධීකරණය, අධීක්ෂණය හා පරිපාලනය සම්බන්ධ කටයුතු පවත්වාගෙන යාම.

- පළාත් සභාවට අදාළ කාර්යයන් සම්බන්ධීකරණය කිරීම.

- මැතිවරණ පැවැත්වීමට අදාළ සියලු කටයුතු සිදු කිරීම.

- විමධ්‍යගත අයවැය වැඩ සටහන ඇතුළුව රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු  වලින් පවරන ප්‍රතිපාදන යටතේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම.

- දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් ඇතුලු විවිධ විෂයන් සඳහා සම්බන්ධීකරණ රැස්විම් පැවැත්වීම හා ඊට අදාළ කටයුතු පවත්වාගෙන යාම.

- දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය, ආගමික, සංස්කෘතික ආදී උත්සව සංවිධානය කිරීම.

 සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් ජනතාව හා රාජ්‍ය ආයතන කටයුතු අතර සම්බන්ධීකරණය සඳහා දායක වීම හා පොදු සමාජයීය කාරණා නිරාකරණය සඳහා මැදිහත්ව කටයුතු කිරීම.

 

ඉතිහාසයෙන් බිඳක්

ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම කියන බදුල්ල දිස්ත්‍රික්කයේ ඉතිහාසය පිරික්සීමේ දී ගම්‍යමාන වන්නේ විජයාවතරණයටත්පෙර රාජ්‍ය ව්‍යුහයක් සහිත දියුණු ජන කොටසක් ජීවත් වු ප්‍රදේශයක් ලෙසය. රාවණා ඇල්ල ප්‍රදේශය මීට වසර 6000 කට පෙර එනම්, ක්‍රි.පූ. 1800-1900 පෙර සිය නිජභූමිය කොට ගෙන රාජ්‍ය පාලනය කලේ යැයි ජන ප්‍රවාදයේ එන රාවණා රජු පිළිබඳ ඉතිහාසය පුරාවෘත්තය විමසීමේ දී සනාථ වන ප්‍රබල සාධකයන් රැසක් ඉන්දීය සාහිත්‍ය ඉතිහාසයෙන් හමුවේ. චාල්මිකි විසින් රචිත රාමායනය රාවණා රජු හා සබැදිව ලියන ලද කෘතියක්ය. එමෙන්ම රාවණා වීණාව නමින් සංගීත භාණ්ඩයක්ද පැවත ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඉපැරණි ජනාවාස පිළිබඳ ප්‍රබලත සාක්ෂිය අපට හමුවන්නේ බුදුපියාණන් වහන්සේ ක්‍රි.පු.06 වන සියවසේ බුද්ධත්වයෙන් 09 වන වස මහවැලි ගංගා නිම්නයේ සිය ජනාවාස පිහිටුවා ගෙන සිටි යක්ෂ ගෝත්‍රිකයන් ජීවත් වු වත්මන් මියුගුණ සෑ රදුන් පිහිටි ස්ථානයට වැඩම වීමයි. මෙය බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනය වීමත් සුවිශේෂි සිදු වීමකි. බුදු පියාණන් වහන්සේගෙන් බණ ඇසු සුමන නම් ජන ප්‍රධානියා බුදුපියාණන් වහන්සේගෙන් පුද සත්කාර කිරීම සදහා යම් පාරිභෝගික වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවේ කේෂධාතු මිටක් බුදුරදුන් විසින් පිරිනමා ඇත. එම ධාතූන් වහන්සේලා තැන්පත් කොට සුමන සමන් ජන ප්‍රධානියා විසින් ඉදිකල සෑය යුග කිහිපයකදී ප්‍රතිසංස්කරණය වී ඇත. එය වත්මන් මියුගුණ සෑරදුන් බවයි, ඉතිහාසයේ සදහන් වන්නේ. චෛත්‍යක් නිර්මාණය කිරීමට තරම් කලා කුසලතාවයක් මෙන්ම දියුණු සමාජ ක්‍රමයක් තිබීමෙන් ගම්‍යමාන වන්නේ බුදුන් දවස පවා මෙම ප්‍රදේශ දියුණු තත්වයක පැවති ප්‍රදේශ ලෙසය. සුමන සමන් නමින් සිටි ජන ප්‍රධානියා පසුව සුමන සමන් දෙවියන් ලෙසින් පිදුම් ලැබු බව සදහන් වේ. බුදු දහම වැනි ගැඹුරු දහමක් අවබෝධ කර ගැනීමට තරම් ඔවුන් එදා ඥාණවන්ත පිරිසක් ලෙසින් ඔවුන් දියුණු සංස්කෘතියක් සහිත ජන කොටසක් ව ඉන්නට ඇතැයි සිතිය හැකිය.

බුදු පියාණන් වහන්සේගේ ලංකා ගමනයේ දී බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් සුවිශේෂි ස්ථානයක් වන්නේ ඓතිහාසික බදුල්ල මුතියංගණ රජමහා විහාරස්ථානය පිහිටි පුණ්‍ය භූමියයි. බුදුපියාණන් වහන්සේගේ තෙවන වර ලංකා ගමනය සිදු වු අවස්ථාවේ මෙහොතක් සමාධි සුවයෙන් මෙම ස්ථානයේ වැඩ සිට ඇත. මෙම ස්ථානයේ දී ද ඉන්දික නම් ජන ප්‍රධානියෙක් දහම් අසා පැහැදී වන්දනා මාන කිරීමට යමක් ඉල්ලු විට බුදුරජණන් වහන්සේ ඩා බිදු කිහිපයක් දුන් බවත්, මොහොතකින් ඒවා මුතු බවට පත් වු බවත්, එම මුතු තැන්පත් කොට ඉදිකල චෛත්‍ය මුතියංගණය ලෙසින් ප්‍රසිද්ධ වී ඇත. නමුණුකුලට අධිපති දෙවියන් ලෙසින් මෙතුමන් පසු කාලීනව ප්‍රසිද්ධ ව ඇත.

නැගෙනහිරින් හා දකුණින් මොණරාගල දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්ක ද උතුරින් අම්පාර හා මහනුවර දිස්ත්‍රික්ක ද බස්නාහිරින් නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක ද මායිම් වන බදුල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා ද්විපයේ පිහිටි වර්ග සැතපුම් 2861 ක මනෝරම්‍ය භූමි භාගයකි.

දේශගුණය

මේ කරුණු අනුව, සනාථ වන්නේ මෙම ප්‍රදේශ වල කිසියම් වු ජන ප්‍රජාවක් අතීතයේ සිට ජීවත් වු බවයි.

වර්ෂාපතන රටාව අනුව ප්‍රධාන ඝෘතු හතරකට බෙදිය හැකිය.

I. වසන්ත සංවහන වර්ෂා කාලය (මාර්තු, අප්‍රේල් මාස)
II. නිරිතදිග මෝසම් ඝෘතුව (ජුනි - සැප්තැම්බර්)
III. සරත් සංවහන වාසුළි ඝාතුව ( සැප්තැම්බර් අග සිට ජනවාරි අග දක්වා)
IV. ඊසාන දිග මෝසම් කාලය (නොවැම්බර් සිට ජනවාරි අග දක්වා).

ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය ගත්විට මිලිමිටර්1397 කි එහෙත් ද්‍රෝණියේ දකුණු කොටස් වලට මිලිමීටර් 1524 - 1905 ක් පමණ වර්ෂාපතනයක් ලැබේ. ප්‍රදේශයේ උන්නතාංශය අනුව උෂ්ණත්වය වෙනස් වේ. මීටර් 2000 ක් පමණ උස් වන නමුණුකුල කදු ප්‍රදේශයේ වාර්ෂික උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 20.6 ක් පමණ වන අතර දියතලාවේදී එය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 23.4 ක්ද, බදුල්ලේදී 25.2 ක්ද වේ.