පුවත් කෙටියෙන් :
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) ලෙස, ඩබ්ලිව් .එම්. චමින්ද වීරසිංහ මහතා අද (01) දින වැඩ භාර ගනු ලැබීය. මීට පෙර හාලිඇල ප්‍රාදේශීය ලේකම් ධූරය හෙබවූ ඒ මහතා 2009 වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් විය. වීරසිංහ මහතා වැලිමඩ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසත්, බදුල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් ලෙසත්, වැලිමඩ ප්‍රාදේශීය ලේකම් ලෙසත් කාර්යශූර නිලධාරියෙකු ලෙස සේවය කළේ ය. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල.

×





