“ප්‍රජා ශක්ති” ග්‍රාම සංවර්ධන කමිටු නිර්මාණය කර ගැනීමේදී එහි සභාපති ධූරය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති වෙත හිමි වන අතර කොට්ඨාසයේ ආර්ථික සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී, සමෘද්ධි නිලධාරි ඇතුළු තවත් ප්‍රජා නියෝජිතයින් පහළොස්දෙනෙකුගෙන් සමන්විත විය යුතු බවත් ඒ පිළිබඳ තොරතුරු කඩිනමින් ලබා දිය යුතු බවත් ඉදිරියේදී සංවර්ධන කටයුතු යි සිදු කෙරෙනුයේ මෙම ප්‍රජා කමිටු හරහා බැවින් ශක්තිමත්ව කමිටු පත් කරගත යුතු බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය, සමන්ත විද්‍යාරත්න මහතා ඊයේ (15) දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වීම අමතමින් ප්‍රකාශ කළේය.
දියුණු සමාජ ක්‍රමයක් ඇති කිරීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක කළ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ හාලිඇල ජල රක්ෂිතය ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට සිදු කෙරෙමින් පවතින බවත්, ප්‍රජා ශක්තිය දිළිඳු බව තුරන් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරින් පුහුණු කිරීම හා නිලධාරීන් අනුයුක්ත කිරීම් මේ වන විට සිදු කරන බව දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසීය.
බදුල්ල දිස්ත්‍රික්කයේ අධි නායයාම් අවදානම් සහිත නිවාස පන්දහස් හැට හතක් (5067) පවතින බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දැන්වීය.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක දඹේතැන්න නිවාස 65,බණ්ඩාරවෙල නායබැද්ද නිවාස 11 හල්දුම්මුල්ල කොස්ලන්දවත්ත නිවාස 27,හල්දුම්මුල්ල මල්වන් කොටස නිවාස 23, බදුල්ල වේවැස්ස නිවාස 18, බදුල්ල තෙල්බැද්ද නිවාස 12, පස්සර කනවැරැල්ල නිවාස 12, ලුණුගල හෝප්ටන් නිවාස 05, වැලිමඩ බෝවවත්ත නිවාස 19 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතීන් සඳහා අනුමැතිය ලබා දුනි.
චෙන්කල්අඩි මාර්ගයේ බදුල්ල බිබිල මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මාර්ග ඉවුරු ආරක්ෂණ ව්‍යාපෘතිය හඳුන්වාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, පස්සර දහතුනේ කණුව ප්‍රදේශයේ නාය යෑමට ලක්වන මාර්ගයේ ඉහළ බැම්ම ආරක්ෂිත ක්‍රමවේදයන්ට සකස් කිරීමේ කටයුතු ලබන වසර තුළ සිදුකෙරෙන බවද ප්‍රකාශ කෙරිණි.
පුර නැගුම වැඩසටහන යටතේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව මගින් හීල් ඔය දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක ඉදිකළ ගොඩනැගිල්ල ඵලදායීව යොදා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව මෙහිදී එකඟ විය.
මහියංගනය කොට්ඨාසයේ පවතින දැඩි අවශ්‍යතාවය සහ අවදානම හේතු කොටගෙන ගිනිවීමේ ඒකකයක් ස්ථාපිත කිරීමට සුදුසු බව ආපදා කළමනාකරන නියෝජ්‍ය අධයක්ෂවරයා යෝජනා කළ අතර උක්ත කරුණ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරිණි.
බදුල්ල ශික්ෂණ රෝහල, ඌරණිය රෝහල හා මහියංගන රෝහලේ පවතින ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
උණ ගොල්ල පතන ජල රක්ෂිතයේ පවත්වාගෙන යන ගල් ඇඹරුම්හල මගින් පරිසරයට සිදුවන හානිය හේතුවෙන් එහි වැඩ කටයුතු නතර කිරීමට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව තීරණය කෙරිණි.
මීට අමතරව ඉඩම් සංවර්ධන කටයුතු, මහා මාර්ග සංවර්ධන ව්‍යාපෘති, නගර සංවර්ධන ව්‍යාපෘති,අධ්‍යාපන, සෞඛ්‍ය වැනි අංශවල පවතින විවිධ ගැටලු සහ අඩුපාඩු පිළිබඳව අදාල පාර්ශව එක්ව අදාල තත්වයන් වලට ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
නීති විරෝධී මත්ද්‍රව්‍ය සුලභවීමත් තරුණ පිරිස ඒ සඳහා ආකර්ෂණය වීමත් නිසා සමාජයේ සිදුවන පරිහානි ස්වභාවය වළක්වාලීමට පොලිස් වැටලීම් හා විමර්ශනයන් දිගින් දිගටම සිදුවන බැවින් ඒ සඳහා සහය ලබා දියයුතු බවත් සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා පැවසීය.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය රුවන් රණසිංහ, දිනිඳු සමන් හෙන්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් බලගල්ල, රවින්ද්‍ර අරුණ බංඩාර, අම්බිගා සැමුවෙල්, චාමර සම්පත් දසනායක, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය, ඌව පළාත් ප්‍රධාන ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.










