අපගේ සේවාවන්
- ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සඳහා දායකත්වය දැක්වීම.
එම වැඩසටහනට බෝග වර්ග 16ක් ඇතුලත් වන අතර වී හා මිරිස් යන බෝග වර්ග බදුල්ල දිස්ත්‍රික්කය තුල වගා කිරීමට පියවර ගෙන ඇත. දිස්ත්‍රික්කය තුල එම බෝග වගා ඉලක්ක වලට ලගා වීම සම්බන්ධ අධීක්ෂණය, තොරතුරු රැස් කිරීම හා වාර්තාකරණය දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය යටතේ සිදු වේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු වෙනත් ආයතන වල මූල්‍ය අනුග්‍රහයෙන් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ආදි ආයතන වල සහය ඇතුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
- දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව පැවැත්වීම
දිස්ත්‍රික් ලේකම් ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා කෘෂිකර්ම ක්ෂේත්රයට අදාල ආයතන වල සහභාගීත්වයෙන් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව පැවැත් වේ. එහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෘෂිකාර්මික වැඩසටහන් වල ඉලක්ක සහ ප්‍රගතිය පිලිබඳ සාකච්ඡා කිරීම සිදු වන අතර කෘෂිකාර්මික ගැටළු සඳහා විසදුම් ලබා දීමද සිදු කරනු ලැබේ.
- දිස්ත්‍රික් කන්න රැස්වීම් පැවැත්වීම.
- වෙනත් වැඩසටහන් සඳහා සහය ලබා දීම.
- ග්‍රාමීය ආර්ථීකය නඟා සිටුවීමේ වැඩසටහන්.
- එක්ව වවමු-රට දිනවමු වැඩසටහනයට සහය දැක්වීම.(ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා ප්‍රගතිය වාර්තා කිරීම.)
- කැපකරු ගොවි බිම් වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ක්‍රියාත්මක කිරීම.
- 2022/23 මහ කන්නයට අදාලව වී/බඩඉරිඟු වගාවේ බිම් සැකසීමට හා 2022 යල කන්නයේ වී වගාවේ අස්වනු නෙලිමට බදුල්ල දිස්ත්‍රික්කයේ ඉන්ධන අවශ්‍යතාවය ගණනය කර අදාල අමාත්‍යාංශ හා ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම..
- ඉදිරි කන්න සඳහා බෝග නිෂ්පාදන වැඩසටහන පුරෝකථනය කිරීම.