2026.01.15 දිනට යෙදෙන තෛපොංගල් දිනය නිමිත්තෙන් වේවැස්ස ආරක්ෂක මධ්‍යස්ථානයේ තෛපොංගල් උත්සවයක් සංවිධානය කරන ලදී. සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් 28 ක සාමාජිකයින් 87 දෙනෙකු ආරක්ෂක මධ්‍යස්ථානයේ නවාතැන් ගෙන සිටින අතර, ඔවුන් සියලු දෙනාගේම සහභාගීත්වයෙන් මෙම සැමරුම පැවැත්විණි.

මෙම අවස්ථාවට එක් වූ බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසුවේ, "දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඔබට කිසියම් ව්‍යසනයක් සිදු වුවද, මේ මොහොතේ සියලු දෙනාටම සමගියෙන් තෛපොංගල් සැමරීමට හැකි වී තිබේ. එබැවින්, ඒ ගැන සිතා බලා සතුටු වන්න. අපට කුමන කරදරයක් හෝ බාධාවක් එල්ල වුවද, අපි එය අභියෝගයක් ලෙස පිළිගෙන වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුය. මෙම වසරේ ආරක්ෂක මධ්‍යස්ථානයේ තෛපොංගල් උත්සවය සමරනු ලැබුවද, ඉදිරි වසර 2027 දී ඔබ වෙනුවෙන් ඉදිකරන ලද නව නිවසක තෛපොංගල් සැමරීමට අපට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි." ඒ සඳහා අපි සියලු දෙනාම එක්ව කටයුතු කරමු.

බදුල්ල පරිපාලන ග්‍රාම නිලධාරී ආරියවංශ, ඌව ශක්ති පදනමේ නඩේසන් සුරේෂ්, රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක හේමන්ත මංගල ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

sa11
thai 2
thai3
thai4
thai 5
thai 6