බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය එක්ව ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව පැවැත්වූ “ජ්‍යෙෂ්ඨ පුරවැසි අභිනන්දන” දිස්ත්‍රික් වැඩිහිටි උත්සවය පසුගියදා 2025.10.21 බදුල්ල සයිමන් පීරිස් නගර ශාලාවේ දී බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩිහිටි බල මණ්ඩල 15 හි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 300 කගේ පමණ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේදී දරුවන් වැඩිම පිරිසක් දැයට දායාද කළ මව්වරුන් හා සියවස සැපිරෑ මව්පියවරුන් ඇගයීමද මෙහිදී සිදු කෙරුණි.
දිස්ත්‍රික්කයේ වැඩිහිටි ප්‍රජාවගේ කායික හා මානසික සුවතාවය ඇති කිරීම හා ඔවුන්ගේ කලා හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් මෙම උත්සවය පැවැත්විණි.
බදුල්ල දිස්ත්‍රික් වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිළධාරී සන්ද්‍යා කුමාරි මහත්මිය හා දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. දිසානායක මහතා විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කර තිබුණු අතර මෙම වැඩසටහන සඳහා සහකාර දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.















