දිස්ත්‍රික් ලේකම්

new 1

සුනිල් ගලගම මහතා

දිස්ත්‍රික් ලේකම්

badullaga@gmail.com

055 22 22 235

විශේෂ සේවා

Avatar

දිස්ත්‍රික් ලේකම්ට කියන්න

වැඩි විස්තර
Avatar

අභ්‍යන්තර කටයුතු ඒකකය

වැඩි විස්තර
Avatar

සම්පත් පැතිකඩ

වැඩි විස්තර

රැස්වීම් සහ දෛනික වැඩසටහන්

News & Events

බදුල්ල දිසාපති ලෙස සුනිල් ගලගම මහතා වැඩ භාර ගනී

ශ්‍රී ලංකා පරිපාලන ස්වයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු වන සුනිල් ගලගම මහතා, සර්ව ආගමික වතාවත්වල නිරත වී ආශිර්...

දිස්ත්‍රික් ලේකම්තුමාගේ සමුගැනීමේ උත්සවය

වසර තුනකට ආසන්න කාලයක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් ලෙස බදුල්ල දිස්ත්‍රික්කයට ඉමහත් සේවයක් ඉටු කළ පණ්ඩුක...

තෛපොංගල් සැමරුම - 2026

2026.01.15 දිනට යෙදෙන තෛපොංගල් දිනය නිමිත්තෙන් වේවැස්ස ආරක්ෂක මධ්‍යස්ථානයේ තෛපොංගල් උත්සවයක් සංවිධාන...

බදුල්ලට නව අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයෙක්

පුවත් කෙටියෙන් : බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) ලෙස, ඩබ්ලිව් .එම...

"සමාජ ආරක්ෂණ හරසර ප්‍රණාම - 2025"

දැයේ සංවර්ධනයට උරදුන් ජනතාවගේ වියපත් දිවිය සමාජ ආරක්ෂණයෙන් ආරක්ෂා කරමින් රාජ්‍ය විශ්‍රාම වැටුප් ප්‍ර...

දිස්ත්‍රික් සංඛ්‍යාන සාරාංශය - 2024 - 2025

971,271

දිස්ත්‍රික් ජනගහනය

472,658

පරිමි ජනගහනය

498,613

ගැහැණු ජනගහනය

257,115

නිවාස සංඛ්‍යාව

2,861

භුම්ය (වර්ග.කි.මි)

15

ප්‍රා.ලේ.කොට්ඨාශ

567

ග්‍රා.නි. කොට්ඨාශ

රාජ්‍ය සේවා මධ්‍යස්ථාන

බදුල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට...

කොවිඩ් - 19 වෛරසයෙන් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා එන්නත් කිරීමේ වැඩසටහන මේ වන විට දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම එන්නත්කරණ වැඩසටහන තුළ යම් යම් අක්‍රමිකතා සිදුවන බවත් ඒ සඳහා විවිධ පාර්ශව මැදිහත්වන ආකාරයත් ජනමාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල අපට දැකගන්නට හැකියාව ලැබුණි. මේ සම්බන්ධව මහජනතාව ප්‍රකාශ කරන්නේ විනිවිදභාවයකින් හා විධිමත් ක්‍රමවේදයකින් තොරව එන්නත්කරණය සිදුකරන ස්ථානවල එවැනි අක්‍රමිකතාවන් සිදුවන බවත් ඒ සඳහා විවිධ පාර්ශවයන් මැදිහත්වන බවත්ය.

මෙවැනි පසුබිමක් තුළ එන්නත්කරණ වැඩසටහන සඳහා බදුල්ල දිස්ත්‍රික්කයටද සයිනොෆාම් එන්නත් 50000 ක් පසුගියදා ලැබුණි. මෙම එන්නත් තොගය අක්‍රමිකතාවලින් තොරව විනිවිදභාවයකින් මහජනතාවට ලබාදීමේ වගකීම නිසි ලෙස හදුනාගත් බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලදි.

ඒ අනුව දිස්ත්‍රික්කය තුළ ලබාදෙන සෑම එන්නතක්ම ලබාදුන්නේ කාටද යන්න සහ එන්නත ලබාගත් පුද්ගලයාගේ සියළු තොරතුරු යාවත්කාලීන කෙරෙන දත්ත පද්ධතියක් සකස්කර එය ක්‍රියාවට නංවා තිබේ.

දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය, දිස්ත්‍රික් ලේකම්තුමිය, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු වගකිවයුතු නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ, සෞඛ්‍ය අංශයේද සහාය ඇතිව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ගේ මෙන්ම මේ සඳහා පහසුකම් සලසන කාලිංග මහතා ඇතුළු සිවිල් සංවිධානවල දායකත්වයද ලබාගනිමින් මෙම තොරතුරු පද්ධතිය මාර්ගගතව යාවත්කාලීන කරනු ලැබේ.

සියලු දෙනාට එන්නත්කරණය පිළිබඳව තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින්, බදුල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහනෙහි සාරාංශගත වාර්තාවක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුව හරහා දෛනිකව පළ කිරීමට අවශ්‍ය කටයුතු සලසා තිබේ.  

 31