Dunhida Falls
Badulla
Adisham Bungalow
Haputhale
Bogoda Bridge
Haliela
Nine Arch Bridge
Ella

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවෙදීන් උදෙසා සංවිධානය කරන ලද 'බදුල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදී වැඩමුළුව - 2018' බදුල්ල ග්‍රෑන්ඩ් රිජන්සි (Grand Regency) හෝටලයේදී පසුගියදා පැවැත්විණි.

බදුල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරෙන රජයේ සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව ප්‍රදේශයේ ජනමාධ්‍යවේදීන් විධිමත් ලෙස දැනුවත් කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වූ අතර ඊට අමතරව මාධ්‍යවේදීන්ගේ කුසලතා හා දැනුම ප්‍රවර්ධනය කිරීම අරමුණු කොටගත් දේශන කීපයක්ද මෙහිදී සිදුකෙරිණි.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිර්මලී ප්‍රියංගනී කුමාරගේ, ජනමාධ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂ ශාන් විජේතුංග, දෙසතිය සගරාවේ ප්‍රධාන උපදේශක රාජා උස්වැටකෙයියාව, දෙසතිය සංස්කාරක තිලකරත්න ලියනපටබැදි යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරියගේ උපදෙස් මත බදුල්ල දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිළධාරී සමන් හේරත් මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.

20180911 095847

20180911 111732